ස්වීඩනයේ දී කුරානයක් ගිනි තැබීමට එරෙහිව හඬ අවදි කළ පළමු ලෝක නායකයා වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
ඊට එරෙහිව ලෝකයේ වෙනත් කිසිදු නායකයෙක් මෙතෙක් සිය හඬ අවදි කළේ නැතැයි ද හෙතෙම කීය.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටි බව කී වජිර අබේවර්ධන, පොදු රාජ්‍ය මණ්ඩලයේ දී මෙම කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා පවසා ඇතැයි ප්‍රකාශ කළේය.
දිවයින පුරා ඇති ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍ර කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.