මෙරට මහාධිකරණය තුළ පවතින නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්රී දූෂණ සම්බන්ධ නඩු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
රටේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ ළමා අපචාර හා ස්ත්රී දූෂණ සම්බන්ධ නඩු 24700ක් පමණ තිබෙන බව ද අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.
“මෙරට මහාධිකරණ තුළ පවතින නඩු 29700න් 9800ක්ම ළමා අපචාර හා ස්ත්රී දූෂණ සම්බන්ධ නඩු බවට ගණන් බලා තිබෙනවා. ඒ කියන්නේ මහාධිකරණවල තිබෙන නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්රී දූෂණ සම්බන්ධ නඩු කියන එකයි.
මෙම තත්ත්වය පිළිබඳ අපි කනගාටු විය යුතුයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කළ නොහැකියි. ඒ සඳහා සියලු දෙනා එක්ව සමාජ යහපත උදෙසා කටයුතු කළ යුතුයි.”