හිටපු කොටි සාමාජිකයින්ගේ සුභ සාධක සංගම් කාර්යාලය නමින් ආයතනයක් වවුනියාව තෝණිකල් ප්‍රදේශයේ පෙරේදා (09) විවෘත කර තිබේ.
එම කාර්යාලය සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉහළ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
එම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී එල් ටී ටී ඊ සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්, දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්, කොටි සංවිධානයේ මියගිය පළමු සාමාජිකයා වන සිවකුමාර් ඇතුළු පිරිසගේ ජායාරූප වෙත මල්මාලා පැළඳවීම ද සිදු කර තිබේ.
එම අවස්ථාවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අදාළ කාර්යාලය විවෘත කර හිටපු එල් ටී ටී ඊ නායකයින්ට පුෂ්පෝපහාර දැක්වෙන විඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවෙන් නැරඹිය හැකියි.