කපුටෙක් ජනාධිපතිතුමාට කොටන්න පටන් ගෙන, ජනාධිපතිතුමා රට ගොඩ ගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට බාධා කරන බවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.
“සියලුම පක්ෂවල ඉන්නේ වරෙන්තුකාරයෝ. හොරකම, දූෂණය, වංචාව ඉහවහා ගිහින්. එතැන අපේකම නෑ. රට කරවන සමහර අයගේ අපේකම නෑ. ඒ අය ළග තියෙන්නේ මගේකම සහ පවුලේකම විතරයි.
මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු ගමන් ඔහුගේ පවුලට සල්ලි හම්බකරන්න, හොරකම් කරන්න, පගා ගහන්න මාර්ග විවෘත කළා. ඒකටම හරියන කෙනෙක් ඒ පවුලේ හිටියා. බැසිල් රාජපක්ෂ කියන පට්ට පල් හොරා. මේ කියන ඒවට දාපං නඩු. මම එනවා උසාවි.
අපි එකට බෙලිඅත්තේ හිටියේ. අපේ ගෙවල්වල හිටියේ. ගෝඨාභය රාපක්ෂට ගැටමාන්නේ දී ගහද්දී හුරේ රන්. දිව්වා. ගහපු අයට ගැහුවේ අපි. බයගුල්ලෝ. බය නැතිව, නිර්භීතකමක් තිබුණා නම් ජනාධිපතිකම දාලා පැනලා යන්නේ නෑ නේ. දිට්ඨධම්මවේදනීය කර්මය පල දුන්නේ ගෝඨාභයට. අද යන්න තැනක් නෑ. මේ හැමෝම මහජන දේපල සූරාකෑවා. මේ අය තමයි ඊළඟ ආත්මේ කපුටෝ බල්ලෝ බලල්ලු වෙලා උපදින්නේ.
දැන් මෛත්‍රීපාල යාපනයට ගිහින් ප්රභාකරන් මැරුණා ද අහනවා. මට මතක නෑලු. දන්නේ නෑලු. මෛත්රීපාලගේ තාත්තා ගෙදර නැති වෙලාවේ යාපනේ සුරුට්ටු විකුණන කෙනෙක් ගෙදරට ආවද දන්නේ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත් මිත්‍රයින්ට කියන්නේ වඳ පීදුන ගස්වල ගෙඩි හැදෙන්නේ නෑ. ඔතැනින් අයින් වෙලා එන්න. හැම පක්ෂයකම වැදගත්, වැඩකරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
ජනාධිපතිතුමාට බැසිල් කියන කපුටා වැඩ ටික හරියට කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා. උගුල් අදිනවා. ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, දැන් බලන් හිටියා ඇති. එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා හැටියට මෙනන්න උඹලගේ ජනාධිපතකම කියලා එන්න. එදාට මම එතුමා එක්ක ඉන්නේ.
එදා මේ රට වැටිලා අන්ත අසරණ වුණ වෙලාවේ කිසිම කෙනෙක් රට බේරාගන්න ඉදිරිපත් වුනේ නෑ. පරිණත දේශපාලඥයෙක් වුන ජනාධිපතිතුමා විතරයි ඒ වෙලාවේ ඉදිරිපත් වුණේ.
ජනාධිපතිකම ගන්න එන්න කිව්වම සජිත් හැංගුනා. මට තියෙනවා රට හදන දැක්ම. අපිට පුළුවන් දේශීය ලාභ ලබන ආයතන තුට්ටු දෙකට විකුණන්නේ නැතිව මේ රට ගොඩ ගන්න. ඒකට පොදු මහ ජනතාව දක්වා සියලුදෙනාම කැපවීමෙන් වැඩ කරන්න ඕන. මේ රටේ තිබෙන නිවාඩු අහෝසි කර වැඩ බිමක් බවට පත් කරන්න ඕන. මැති ඇමැතිවරුන් සියලු දෙනා කමතේ වැඩ කළ යුතුයි. රටේ තිනෙ ලාබ ලබන දේශීය ආයතනවල වගකීම දේශීය ධනවත් ව්‍යාපාරිකයින් එක මේසයකට කැඳවා විවෘත ටෙන්ටර් ක්‍රමවේදයක් මගින් ඔවුන්ට පවරා දියුණු කිරීමට ලබාදිය යුතුයි.
නැතිනම් ප්රභාකරන්ගේ ඥාතීන් නොවන, ඩයස්පෝරාවේ ඥාතීන් නොවන අයට බාර දෙන්න ඕන.
වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත්ව ගිය ජනාධිපතිවරුන්ට විශාල බරපැන දැරීම නතර කළ යුතුයි. විධායක ජනාධිපතික්රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය නැවත ඇති කළ යුතුයි. මෙතෙක් පත්වූ කිසිම ජනාධිපතිකෙනෙක් මේ ගැන කතා කළේ නෑ.”