ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යාමට සිදුවූයේ ළඟ සිටි හෙංචයියන්ගේ ලනු කෑම නිසා යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හෙංචයියන් කිහිප දෙනෙකු ළං කරගෙන තමන් වැනි අය පැත්තකට දැමූ බවයි.
අද මේ රට පත්ව ඇති කනගාටුදායක තත්ත්වයට හේතුව සුුදුසු අය පැත්තකට දමා නුසුදුසු අයට තනතුරු ලබා දීම බවයි, චන්න ජයසුමන සඳහන් කළේ.