රට තුළ ආහාර උද්ධමනය පසුගිය මාස 10ක් තුළ දී 90.8%කින් අඩු වී ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ඒ අනුව පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස 94.9% ක් වූ ආහාර උද්ධමනය පසුගිය ජුනි මස අවසන් වන විට 4.1%ක් දක්වා අඩුව ඇතැයිද අධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ 96.9%ක් වූ ආපනශාලා හා හෝටල් උද්ධමනය ද මේ වන විට 15.9%ක් දක්වා අඩුව ඇතැයි ඔහු සඳහන් කරයි. මීට අමතරව 105.4%ක්ව පැවැති ප්රවාහන උද්ධමනය ද මේ වන විට -3%ක් දක්වා බෙහෙවින් අඩුව තිබේ.
රට තුළ උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව විසින් ගත් ක්රියාමාර්ග මේ වන විට සාර්ථක වී ඇතැයි පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒමට කටයුතු යොදමින් තිබෙන බවය.