ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් සභා (අයි.සී.සී.) එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත් විය.
නවසීලන්තයට එරෙහිව ඊයේ (03) අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක් රැස්කිරීමත් සමග චමරිට මෙම අවස්ථාව හිමි විය. ඇය පළමු තරගයේදී නොදැවී ලකුණු 108 ක් සහ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 140 ක් රැස් කළාය.
ඇය ප්‍රසාද ලකුණු 758 ක් හිමිකර ගනිමින් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත් අතර එස්ට්‍රෙලියානු පිතිකාරී බේත් මූනි ප්‍රසාද ලකුණු 754 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරි වොල්වර්ඩ්ට් ප්‍රසාද ලකුණු 732 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද පසුවෙති.
33 වැනි විය් පසුවන චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 95 කදී ශතක 8 ක් සහ අර්ධ ශතක 15 ක් සමගින් ලකුණු 3,199 ක් රැස්කරමින් වර්තමාන ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ පිතිකාරියන් අතර පෙරමුණේ සිටින්නීය.