ණය ගෙව්වොත් රට වැටෙනවා….! – සමන් රත්නප්‍රිය…

July 1, 2023 at 2:06 pm | by emanisa.lk

කවුරු මොනවා කිව්වත් මේ මොහොතේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

එසේ නොකර ශ්‍රී ලංකාව නැවත ණය ගෙවීම ආරම්භ කළහොත් යළි ඇද වැටෙන බවයි ඔහු සඳහන් කළේ.

දේශීය ණය ගෙවීමට රුපියල් හෝ විදේශ ණය ගෙවීමට ඩොලර් මේ මොහොතේ ශ්‍රී ලංකාවට නැතැයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මේ තත්ත්වය නිසා ප්‍රතිව්‍යුහගතකරණය හැර වෙනත් කිසිදු පිළිතුරක් නැති බවත් කවුරුන් හෝ රුපියල් හා ඩොලර් ගෙනවිත් දෙනවා නම් පමණක් උත්තරයක් ඇති බවත් ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *