ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ගබ්සා වීමකට ලක් වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ නියෝජිතයකු වූ තමාට එරෙහිව එම පක්ෂය එජාපයේ රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් කටයුතු කිරීම මීට හේතු වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.
පොදුජන පෙරමුණේ එක ම නිලධාරියා එහි මහ ලේකම් සාගර කාරියවසම් බව පෙන්වා දෙන ඩලස් අලහප්පෙරුම, ඉදිරියේ දී පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනගන බව ද සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පත්වීම නිත්‍යානුකූල බවත් පරාජයෙන් පසු කොම්පියුටර් ජිල්මාට් කතා කියන තැනට තමා වැටෙන්නට සූදානම් නැති බවත් හෙතෙම වැඩි දුරටත් කීය.