මහින්ද රටට කළා හොඳට ම ඇති…! දැන් පැන්ෂන් යන්න ඕන…! – ලොහාන් රත්වත්තේ….

June 24, 2023 at 12:27 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අගමැති ධූරයට තරඟ කරනු ඇතැයි තමන් නොසිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

මහින්ද රාජපක්ෂ තරම් මේ රටට සේවය කළ වෙන අයකු නොමැති බවයි, ඔහු සඳහන් කළේ.

කෙසේ වුව ද දැන් එතුමා විශ්‍රාම ගොස් විවේක සුවයෙන් සිටිය යුතු බව ද ලොහාන් රත්වත්තේ සඳහන් කළේය.

පාරට බැස මැතිවරණ ලබා ගත නොහැකි බවත් අරගලකරුවන්ට නොනැමෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *