ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.
එම විහාරයේ විහාරාධිපති හල්මිල්ලකුලමේ සුගතඥාන හිමි විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම අතුරු නියෝගය නිකුත් කර තිබේ.
සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.