හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනත් නිල නිවසක් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ, තමන් දැනට පදිංචි කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි නිල නිවස අවට පවතින දැඩි ඝෝෂාකාරී බව තමන්ට හිරිහැරයක් බව පවසමිනි.
ඒ වෙනුවට ඔහු ස්ටැනමෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිවසක් ඉල්ලා ඇතැයි සඳහන්ය.
ගෝඨාභය රාජපක්ෂ වසරක් තුළ නිල නිවාස හතරකට මාරු වී ඇති බව ද වාර්තා වෙයි. ඔහු පසුගිය වසරේ ඉල්ලා අස්විය. ගාලු මුවදොර අරගලකරුවන් හිටපු ජනාධිපතිවරයාගේ මිරිහාන පෞද්ගලික නිවසට පහර දෙන තුරු ඔහු සිය නිල කාලය තුළ ද වාසය කළේ එහිය.