2021 වසරේ නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන් වූ රුපියල් බිලියන 15කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි මිලියන 200ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
“රේගුව මෙහෙම කළේ නැත්නම් අපිට අහිමිවන ආදායම කෝටි 1300ක්. මේ සිගරට් තොගය තමා අද විනාශ කරන්නේ. මේවා විකුණන්න බෑ. මේවායේ තියෙන ප්‍රමිතිය ගැන කිසිම වගකීමක් කාටවත් නෑ. කඩලා බලපු සිගරට් සම්පූර්ණයෙන්ම අවපැහැ ගැන්වෙලා. ඒ නිසා මේවා සම්පුර්ණයෙන්ම විනාශ කරන්නේ.
අපිට ලංකා දුම්කොළ සමාගමෙන් මේවා විනාශ කිරීම වෙනුවෙන් සිගරට් එකකට රු 2ක් ලැබෙනවා. ඒ කියන්නේ කෝටි 40ක් ඒ අයගෙන් අයකර ගන්නවා. ආයතන තුනක් තමා මේවා ගෙනාවා කියලා වාර්තා වුණේ. ඒ අයට ලක්ෂ 25ක දඩයක් ගහලා මේවා රාජසන්තක කරේ.
මේක රාජ්‍ය ආදායම පැත්තෙන් බලපුවහම ඉතා ම වැදගත්. අනෙක් පැත්තෙන් මේක සමාජගත වුණානම් කිසිම ප්‍රමිතියකින් තොර සිගරට් කෝටි 20ක් පරිභෝජනය කරනවා. මේක රේගු ඉතිහාසයේ විනාශ කරන විශාලතම සිගරට් තොගය.”