උද්ධමනය බිංදුවට ගේන්න අපට පුළුවන්….!

June 14, 2023 at 7:00 am | by emanisa.lk

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට උවමනා වූයේ ආර්ථිකය හකුළුවා ඒ හරහා මිලදී ගැනීමේ හැකියාව අඩු කිරීම බව ජාතික ජන බලවේගයෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

ඒ හරහා ජනතාව අතට මුදල් ගලා ඒම අඩු වී වූ විට වෙළෙඳපොළෙන් බඩු මිලදී ගැනීම ද අඩුවන බවත් හෙතෙම පැවසීය.

වෙළඳපළේ ඉල්ලුම අඩු වූ විට උද්ධමනය පහළ බසින බවත් එයාකාරයෙන් කිසිවකු වෙළෙඳ පොළෙන් බඩු මිලට නොගෙන සිටියහොත් උද්ධමනය බිංදුව දක්වාම පහත දැමිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු ආර්ථිකය හකුළුවන බව ප්‍රකාශ කරන්න නැති බවට ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ වන විට ඩොලරයේ අගය පහළ බසිමින් ඇත්තේ අස්වාභාවික ලෙස බවත් මෙම සිදුවීම ආර්ථිකයෙහි ඇතිවන පරිවර්තනයක ප්‍රතිඵලයක් නොව ඉහළින් ඇති කරන ලද බලපෑම්වල අස්වාභාවික ප්‍රතිඵලයක් බවත් හෙතෙම කියා සිටියි.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *