උ/නැ. ඉඩම් – පොලිස් බලතල දීමට පොහොට්ටුව විරුද්ධයි…! ජනාධිපති රනිල්ට ඒ සඳහා ජනවරමකුත් නෑ…! – පොහොට්ටු මහ ලේකම්…

June 11, 2023 at 10:31 am | by emanisa.lk

උතුරු සහ නැගෙනහිර පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු එකඟතාවක් දක්වා නොමැති බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවක දී පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම ගැන තම පක්‍ෂයේ ස්ථාවරය පැහැදිලි කළ බව ද ඔහු සඳහන් කරයි.

එහිදී පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සම්බන්ධව තමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ද අදහස් දක්වමින් 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මේ දක්වා පළාත් සභා සඳහා එම බලතල ලබා නොදුන්නේ ඇයි දැයි පළමුව සොයා බැලිය යුතු බව සඳහන් කළේ යැයි ද ඔහු කීවේය.

උතුරු සහ නැගෙනහිරට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනවරමක් ලැබී නැතැයි ද එසේ නම් ඔහු ඒ සඳහා අලුත් ජනවරමක් ලබාගත යුතු බව සරත් වීරසේකර දැනුම් දුන් බව ද සාගර කාරියවසම් වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *