ශ්‍රීලනිපය යළි දෙකඩ වෙයි…! දයා අතහැර මෛත්‍රී පිල වෙනම ගමනක…! ආණ්ඩුවට ගිය අයටත් ඇරයුම්..!

June 11, 2023 at 9:32 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පිල නමින් කණ්ඩායමක් පිහිටුවාගෙන ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව මෛත්‍රී පිල නමින් සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණයක් ද පවත්වාගෙන යෑමට එම පිරිස පියවරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩවී ඇතැයි පවසන එම ආරංචි මාර්ග ඔවුන් පක්‍ෂයේ සාමූහික තීරණවලින් බැහැරව තනි මතයට කටයුතු කරමින් සිටින බවද කීවේය.

මෙම පිරිස තම කණ්ඩායමට සාමාජිකයන් වැඩිකර ගැනීමේ අරමුණින් ආණ්ඩුවට එක්වී සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා පක්‍ෂ සභාපතිවරයා ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකර ඇති ලිපිය ද ඉල්ලා අස්කර ගැනීමට සැරසෙන බවද වාර්තා වේ.

එසේම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු පිරිස සිය තනතුරුවලින් ඉවත්වී පක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමට එකඟ වන්නේනම් ඒ සඳහා අනුමැතිය ලබාදීමට ද තීරණය කර ඇතැයි වාර්තා වේ.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *