විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කොළඹ නව නිල නිවසක් ලබා දී ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් චෝදනා කරයි.
අද (07) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව කීය.
කෙසේ වුව ද අමාත්‍ය රමේෂ් පතිරණ එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර විදේශ කටයුතු අමාත්‍යවරයාට එවැනි බලයක් නොමැති බවත් නිල නිවාස ලබා දිය හැක්කේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පමණක් බවත් සඳහන් කළේය.