ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ පොසොන් දන්සැල් දෙන අයුරු දැක්කේ නම් ජනතාවට කිසිදු අගහිඟයක් නැතැයි සිතා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ද ප්‍රශ්නයක් වනු ඇතැයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.
එසේ වූයේ නම් ලංකාවේ මිනිසුන්ට කිසිදු අගහිඟයක් නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිතනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
2022 වසරේ වෙසක් පොසොන් කාලවල ජනතාව ඉන්ධන සහ ගෑස් පෝලිම්වල සිටි බවත් පිරිසක් ඔවුන් අතර ආදරය කරුණාව මෛත්‍රිය වෙනුවට වෛරය වැපිරූ බවත් හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එහෙත් ජනතාව නැවත වසරක් ගත වෙද්දි සීල ව්‍යාපාර තොරන් දන්සැල් පවත්වමින් කරුණාව මෛතිය පෙරදැරිව කටයුතු කරමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඊට මේ රටේ පිරිසක් අකමැති බවත් ඔවුන් හැම විට ම අස්ථාවර රටක් තැනීම සඳහා කටයුතු කරමින් ඇති බවත් සඳහන් කළ රෝහිත අබේගුණවර්ධන ඊට එරෙහිව සියලු දෙනා එකට එකතු විය යුතු බවත් ප්‍රකාශ කළේය.