ලොව ප්‍රකට එංගලන්ත භික්ෂූන් වහන්සේ නමක් වන අජාන් බ්රහ්මවංස හිමියන් කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දුන් සිදුවීම ගැන සමාව ඉල්ලන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අද (06) විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව කීය.