මන්ත්‍රී – පොලිස් ආරවුල…මන්ත්‍රීටත් චෝදනා….!

June 6, 2023 at 6:26 am | by emanisa.lk

යාපනය වඩමරච්චි ප්‍රදේශයේදී ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ පාර්ශ්වයෙන් ද වරදක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ඔහු පවසන්නේ පොලිස් බුද්ධි නිලධාරීන් තමාට හැඳුනුම්පත නොපෙන්වූ බවට මන්ත්‍රිවරයා කරන චෝදනාව ද අසත්‍ය බවය.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල මේ වනවිට ආන්දෝලනයක් මතුකර තිබේ.

මෙම ආරවුල ඇතිවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි කාන්තාවක් මරදන්කේනි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර කිලිනොච්චිය අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ඇයව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කඩිනම් වාර්තාවක් ද කැඳවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *