පසුගිය විදුලි ගාස්තු ඉහළ දැමීම මාස එක හමාරක පමණ කාලයක් ප්‍රමාද වීමෙන් රජයට සිදු වූ පාඩුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් අයකර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එහිදී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3,200 ක පාඩුවක් සිදුව ඇතැයි ගණනය කර ඇත.
පසුගිය ජනවාරි පළවෙනිදා සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබූ නමුත් කොමිසමේ සභාපති ජනක රත්නායක එය පෙබරවාරි මාසයේ මැද දක්වා දක්වා කල් දමන ලැබීය.
විදුලි බිල නිසි වේලාවට ඉහළ නැංවීමට නොහැකි වීමෙන් සිදු වූ පාඩුව වන රුපියල් කෝටි 3,200 ක මුදල කරගත යුතුව ඇත්තේ ජනක රත්නායකගෙන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.
මේ අතර ජනක රත්නායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.