ආණ්ඩුව PUCSL සභාපති ධූරයෙන් ජනක පන්නයි…! යෝජනාවට පක්ෂව ඡන්ද 123යි; විරුද්ධව 77යි…!

May 24, 2023 at 5:49 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි. ඒ් අනුව වැඩි ඡන්ද 46කින් යෝජනාව සම්මත විය.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවය. ඊයේ නීති විරොධී ලෙස රත්තරන් තොගයක් ලංකාවට රැගෙන ඒ්මේ දී අත්අඩංගුවට පත් අලී සබ්රි රහීම් අදාළ යෝජනාවට විරුද්ධ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස