ළමා නිවාසයේ දැරියන්ට අතවර කළ 82 පාස්ටර් අත්අඩංගුවට…!

April 13, 2023 at 8:24 am | by emanisa.lk

ළමා නිවාසයක සිටි දැරියන් සිව්දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එහි ප්‍රධානි ලෙස කටයුතු කළ 82 හැවිරිදි පාස්ටර්වරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෝපායි, ඉරුපාලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක මෙම සිද්ධිය ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

එමෙන්ම එහි පාලිකාව ඇතුළු තවත් කාන්තාවන් තිදෙනෙකු ද එම ළමා නිවාසයේ ළමුන්ට පහරදීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව පොලීසිය සඳහන් කරයි.

කුඩා දැරියන් තිදෙනෙකු පසුගිය මාර්තු 31 වනදා සැකකටයුතු අයුරින් ගමන් කරමින් සිටියදී කොඩිකාමම් පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර එහි දී අදාළ සිද්ධිය පාපෝච්චාරණය කර තිබේ.

ඒ පිළිබඳව පොලීසිය යාපනය ළමා මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම පාස්ටර්වරයා ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රෝගාබාධ රැසකින් පෙලීම නිසා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *