නව සීමානිර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් පත් කරගන්නා නියෝජිතයින් ගණන සැලකියයුතු මට්ටමකින් අඩුකර තිබේ.
ඒ අනුව පත්කර ගන්නා නව පළාත් පාලන නියෝජිතයින් ගණන 4,714ක් බව අදාළ වාර්තාව මගින් දක්වා තිබේ. 2016 වසරේ දී පළාත් පාලන නියෝජිතයින් සංඛ්‍යාව 8000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබිණි.
සීමානිර්ණ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත අද (11) භාර දුන්නේය.
අද පෙරවරුවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත අදාළ කමිටු වාර්තාව භාර දී තිබිණි.