බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මෙන්ම ඔහු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කළ නායකයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් පවසයි.
බැසිල් රාජපක්ෂ යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරමින් ඉතා ම හොදින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගැනීමට සමත් වූ බව ද හෙතෙම පෙන්වා දෙයි.
යුද්ධයෙන් පසු දිළිඳු ජනතාව නඟා සිටුවීම සඳහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර ලෝකයේ වේගයෙන් දියුණුවන රටවලින් එකක් බවට ලංකාව පත්කිරීමේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කළ බව කී සාගර කාරියවසම්, උතුරු සහ නැගනෙහිර වැඩි ම සංවර්ධනයක් කළ නායකයා ද බැසිල් රාජපක්ෂ යැයි සඳහන් කළේය.
රටේ අහිංසක දුප්පත් ජනතාවගේ හද ගැස්ම හඳුනාගෙන ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය බොහෝ පියවර ගත් බැසිල් රාජපක්ෂ මේ රටට ඉතා සුදුසු නායකයෙක් බවත් හෙතෙම කීය.
බැසිල් රාජපක්ෂට විරුද්ධව පසුගිය කාලයේ බොරු චෝදනා කර නඩු පැවරුව ද ඔහු ඒවාට නිර්භයව මුහුණදී ඒ සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් වූ බවත් කාරියවසම් වැඩි දුරටත් පැවසීය.