මහ බැංකු අධිපති කුමන්ත්‍රණයක..! රට IMF වියගසේ ගැට ගසයි..!

April 8, 2023 at 3:34 pm | by emanisa.lk

ණය නැවත නොගෙවන බවට මහ බැංකු අධිපතිවරයා පසුගිය වසරේ ගත් තීන්දුව රටේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය හා ගැටගැසීමට හේතු වූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“මහ බැංකු අධිපති නන්දලාල්, ඔහුව මහ බැංකු අධිපති ලෙස පත් කරන්නේ 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 08 වනදා. ඔහු මහ බැංකුවට ගොඩ වෙලා ගත්තු පළමු තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවල්වලින් සහ මූල්‍ය අරමුදලවල්වලින් අරන් තියෙන ණය ගෙවන්නේ නෑ කියන එක.

ඔබ හිතනවාද? කවර හෝ බහ බැංකු අධිපතිවරයෙකුට මහ බැංකුවට ගොඩවූ පළමු දවසේම එහෙම තීන්දුවක් ගැනීම.. එකත් එක්ක යම් අන්තර් සම්බධතාවයක් තියෙන බව ඔබට තෙරෙන්නේ නැද්ද?

ඒ විතරක් නෙමේ රටේ මූල්‍ය බලය මුළුමනින්ම පැවරෙන්නනේ පාර්ලිමේන්තුවට. ඒකට අත තියන්නත් බෑ කියලා තමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. හැබැයි කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් දැනුම්වත් කිරීමකින් හෝ තීන්දුවකින් තොරව මහ බැංකු අධිපතිවරයා විසින් තීන්දුවක් ගන්නවා. අපි ණය ගෙවන්නේ නෑ කියලා.

මා දැක්කා පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවෙනවා කියලා. අරන් තියෙන ණය ගෙවන්නේ නැතිනම්නි. වාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවකට යා යුතුමයි. වෙන විකල්ප පාරවල් කිසිවක් නෑ. ඉන්දියානු රජය ණයක් දෙන්නේ ආපසු ඒ ණය ගෙවනවා නම් විතරයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට යම් සහන ණයට ලබාගන්න තිබුණා. ඒ සියල්ල අප්‍රේල් මාසේ 12 වනදායින් පස්සේ ගිලිහි ගියා. මහ බැංකු අධිපතිගේ තින්දුවත් එක්ක අපේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එක්ක ගැටගැහුවා.”

”ජාතික සම්පත් විකිණීම මඟුලක්ද? උගුලක්ද ?” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ සම්මන්ත්‍රණයට එකතු වෙමින් අනුර දිසානායක මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (07) මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *