ජනතාව පිඩාවට පත් කරන කිසිවකට ඉඩ නෑ..! වෘත්තීය සමිතිවලට ඕන විදිහට නටන්න බෑ…! – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය…

April 6, 2023 at 12:36 pm | by emanisa.lk

වෘත්තීය සමිතිවලට අවශ්‍ය ආකාරයට කටයුතු කිරිමට වත්මන් රජය සූදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

“මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යෑම රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. හැබැයි ජන ජීවිතය අඩාල කරන්න කාටවත් ඉඩදෙන්න පුළුවන්කමක් නෑ. සාධාරණ උද්ඝෝෂණවලට වැඩවර්ජනවලට අපේ කිසිම පීඩාවක්, කරදරයක්, බාධාවක් නෑ. ඒවට අපි ඉඩදෙනවා.

නමුත් ජනතාව පීඩාවට පත්කරන කිසිම දෙයක් කරන්න ඉඩ තියන්න පුළුවන්කමක් නෑ. අපි එක එක්කෙනා කියපු විදියට වැඩ කරා මෙච්චර දවසක්. වෘත්තීය සමිතිවලට ඕන විදියට වැඩ කරා. අපි විවිධ පාර්ශ්වවලට ඕන විදියට වැඩ කරා. අවසානයේ වගකීම තියෙන්නේ අපේ.

ඒ නිසා එක එක්කෙනාට ඕන විදියට වැඩකරන රජයක් නෙමෙයි තවදුරටත් තියෙන්නේ. මේක අලුත් රටක්. අලුත් නායකයෙක්. අලුත් ජනාධිපතිවරයෙක්. අලුත් රජයක්. මේ රජය යටතේ අපි පැහැදිලි වැඩපිළිවෙළක්, දර්ශනයක් ඇතිව වැඩ කරන්නේ. අපි වගකීමෙන් වැඩකරන්නේ.

මේ වෙලාවේ සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ අපේ රටේ ප්‍රගමනයට, දියුණුවට තිබුණ ලොකුම බාධාව තමා ජනතාව අතර තිබුණ අසමගිය, අවිශ්වාසය. අපි ඒ තත්ත්වය තුරන් කරලා, ශ්‍රී ලංකාව ජනතාව විදියට එකට හිටගන්න ඕනේ. ඒ සඳහා අපි සියලු පාර්ශ්වයන්ට ආරාධනා කරනවා…”

බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *