අනිවාර්ය නිවාඩු යවන ලද ඛනිජ තෙල් සංස්ථා සේවක පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී තිබේ.
පසුගියදා ඛනිජ තෙල් සංස්ථාවේ සේවයට බාධා කරමින් එහි තෙල් බෙදා හැරීම් කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ 20කට අධික සේවක පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට ඇමැති කාංචන විජේසේකර නියෝග කර තිබිණි.
මෙම පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන් ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමු වීට නියමිතය.
ඛනිජ තෙල් වෘත්තීය සමිති අදාළ සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ගොනු කර ඇත.