සිංහල අවුරුදු කන්න සජබ රොත්තක් ආණ්ඩුවට…!

April 1, 2023 at 11:07 am | by emanisa.lk

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 22ක් පමණ නුදුරේ දී ම ආණ්ඩුවට එකතු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එළඹෙන සිංහල අවුරුද්දට පෙර පාර්ලිමේන්තුව රැස්වන අප්‍රේල් 04 වෙනිදා මේ අතරින් 15ක් පමණ ආණ්ඩුවට එකතු වනු ඇත. අනතුරුව තවත් 07 දෙනෙකු පමණ ආණ්ඩුවට එකතු වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා දීමත් සමග රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ස්ථාවර වීමත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිබඳ පවතින ගැටලුත් මෙම පිල් මාරුවට හේතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *