රනිල් නම් ජාතික නායකයා පහළ වුණේ රටේ වාසනාවට..! – වජිර…

March 31, 2023 at 3:06 pm | by emanisa.lk

පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ඇතුළු සමස්ත භාණ්ඩ මිල පහත දැමීම නිසා ජනතාවට සහන ලැබෙමින් පවතින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ඒ සඳහා මේ රටේ ජනතාවගේ වාසනාවට ජාතික නායකත්වයක් ඉතිරිව පැවැති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එම ජාතික නායකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ද වජිර අබේවර්ධන සඳහන් කළේය.

එම නායකත්වයෙන් රටත් ජනතාවත් ප්‍රයෝජන ගත යුතු බව ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *