විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුව අද (30) දින සිට වසා දැමීමට රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් කටයුතු කර තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු තුනක් පවතින අතර මෙලෙස වසා දමා ඇත්තේ ඉන් එකකි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් අජන්ත රාජකරුණා පැවසුවේ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හා වෘත්තිකයින්ට රට තුළ ජීවත්වීමේ පවතින අපහසුතාව හේතුවෙන් වෛද්‍යවරු රට හැරදමා යාමේ අවදානමක් පවතින බවයි.
මෙම ළමා වාට්ටුව වසා දැමීම හේතුවෙන් වෛද්‍ය සිසුන්ට ද විශාල බලපෑමක් සිදුවන බවත් අනුරාධපුර තඹුත්තේගම හැර අනෙකුත් කිසිදු මූලික රෝහලක විශේෂඥ ළමා වෛද්‍යවරු නොමැති බවත් වාර්තා වෙයි.