ඉන්දියාවෙන් ආනයනිත බිත්තර තොග දවස් 04ක් තිස්සේ වරායේ සිර වී ඇතැයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.
එම බිත්තර තොගයේ සාම්පල් ප්‍රමිතිය පරික්ෂා කිරීමට සත්ව ආහාර දෙපාර්තමේන්තුවට දින 04ක කාලයක් අවශ්‍ය බව ප්‍රකාශ කළ ද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් නොගත් බවටයි, ඇමැතිවරයා චෝදනා කළේ.
මේ වන විට රටේ දැඩි බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති අතර ඒ සඳහා වගකිව යුතු නිලධාරිනිය අසනීප නිවාඩු දමමින් අදාළ රාජකාරිය පැහැර හරිමින් ඇතැයි මීට පෙර චෝදනා නැඟිණි.
මේ ආකාරයට බිත්තර තොගය වරායේ තබා ගෙන ඒවා නරක් වූ පසු සාම්පල් ලබා ගෙන මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ වී ඇතැයි ද චෝදනා නැගෙන අතර වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසන්නේ මෙම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ජනතාව නිසි පියවර ගත යුතු බවය.