මේ රටේ දේශපාලනඥයින්ට චෝදනා කරන අයගේ නිරුවත හෙළි වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
“අපි පසුගිය කාලේ කතා කළා නීතිඥ සංගමයේ සභාපතිවරයා ගැන. ඔහු පැහැදිලිව ම අරගලය කරපු කණ්ඩායම් රැක්කා. අරගල කරල රට විනාශ කරපු මිනිස්සුන් එක්ක පාරට ආවා. එයා අද කා වෙනුවෙන් ද උසාවි යන්නේ. හරක් කටා වෙනුවෙනුයි එයා උසාවි යන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ කප්පිත්තා වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා.
ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා ගමන් බිමන් යන්නේ ජෙට්වලින්. ඔහු වෙනුවෙන් අද පෙනී සිටින්නේ නීතිඥ සංගමයේ සාලිය පීරිස්. එතකොට එයා කොහොමද පොලිස්පතිවරයා තෝරන එකට අරයගෙ, මෙයාගෙ දූෂණ තියෙනවා කියන්නේ. එයා ගිහින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට පෙනී සිටිනවා. මේවා හරි ලැජ්ජයි.
මේ රටේ දේශපාලකයන්ට චෝදනා කරලා කටයුතු කරපු අයගේ නිරුවත දැන් හෙළිවෙලා. ඒ නිසා රටේ අනාගතය ගැන සිතලා අපි කටයුතු කළ යුතුයි. මේ අය කටයුතු කරද්දි රටේ අනාගතය ගැන සිතිය යුතුයි. නීතිඥ සංගමය සිතිය යුත්තේ රට පිළිබඳවයි.”