ඡන්දේ තිබ්බොත් එක දෙක තුන ඔක්කොම අපට…! – ඩිලාන්…

March 15, 2023 at 6:10 pm | by emanisa.lk

ආණ්ඩුව ජනතාවට බදු ගැසිය යුත්තේ මල නොතලා රොන් ගන්නා ලෙස වුව ද වර්තමාන ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය මල තළා මල කෑම යැයි නිදහස ජනතා සභාවේ ඩිලාන් පෙරේරා පවසයි.

ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්ව ඇති බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් විපක්ෂ කණ්ඩායම් පළමු දෙවන තෙවන ස්ථාන ලබා ගන්නා අතර ආණ්ඩුවේ සිටින පොහොට්ටුව සහ එජාපය හතර සහ පස්වන ස්ථාන දක්වා පසු බසින බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් පත් කළ 134 දෙනාට මිස ජනතාවට කන් නොදෙන අතර ඉදිරියේ දී ගෙදරක කසාදයක් කර ගැනීමට ද ඔහුගේ අනුමැතිය ලබා ගැනීමට සිදුවන බවට ද අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *