ගෝඨා ෆේල්… වහා ඉල්ලා අස්වනු…! රනිල් නිසා රට කබලෙන් ළිපට වැටුණා..! – පොහොට්ටු මන්ත්‍රී…

July 2, 2022 at 11:23 am | by emanisa.lk

රටේ ආර්ථික තත්ත්වය දෙස බැලූ විට ආණ්ඩුවක් ලෙසත් ජනාධිපතිතුමා ලෙසත් අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ පැමිණිය ද පසුගිය සුමාන පහ තුළ දී ද රට තුළ ප්‍රගතියක් නොපෙන්වන බවත් කබලෙන් ළිපට වැටුණා වගේ පෙනී යන බවත් හෙතෙම කියා සිටී.

එනිසා වහාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තුව හරහා වැඩබලන ජනාධිපති කෙනෙක් පත් කිරීමට කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පවසයි.

එම වැඩබලන ජනාධිපති හරහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවත් ඔහු කියා සිටියේ ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *