රෝහල් තුළට හමුදාව හෝ පොලිසිය යොදවා වැඩවර්ජනය මර්දනය කිරීමට උත්සහ කළ හොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් බවට අනිවාර්යෙන්ම පත්වන බවට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් අනතුරු අඟවයි.
එහෙයින් අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් වැඩවර්ජනය දිගු නොකරන්නැයි රජයට දැනුම්දෙන බවත් හෙතෙම සඳහන් කරයි.
වැඩවර්ජනයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත වර්ජනයේ ආයු කාලය තීරණය වන බව ද ඔහු කීය.
සියලු සෞඛ්‍ය සහයක සේවා හෙට පෙරවරු 6.30 වර්ජනය ආරම්භ කරන බව කී කුමුදේශ්, පෙරවරු 8.00 සිට සියලු ම සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනයට එකතු වීමට නියමිත බව ද සඳහන් කළේය.