අද (13) දිනයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් තීරණය කර තිබේ.
අදාළ කැඳවීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකර නොමැති බැවින් තමන් එහි නොයාමට තීරණය කළ බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.
පසුගිය සතියේදී කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල අවට පැවැති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් මානව හිමිකම් කොමිසම විසින් ආරම්භ කර ඇති අතර එම විමර්ශනය සඳහා එම කොමිසම හමුවට මහජන ආරක්ෂක අමාත්‍යවරයාව 13 වනදා කැඳවන බව එම කොමිසම විසින් නිවේදනය කර තිබිණි.
කෙසේ වෙතත් අමාත්‍යවරයාව කොමිසම හමුවට කැඳවීමේ තීරණය එහි සභාපතිනිය විසින් ගත් එකක් වන අතර කොමිසමේ සෙසු සාමාජිකයින් සිව්දෙනා තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
පසුගිය පෙබරවාරි 28 වනදායින් පසුව කොමිසම රැස්ව නොමැති බවත් එහි එක් සාමාජිකයකු මේ වන විට විදෙස්ගතව සිටින බවත් එම වාර්තාවල සඳහන් විය.