වැඩි මිලට විකුණන්න සැඟවූ බිත්තර තොගයක් කැලෑවක…!

March 12, 2023 at 2:19 pm | by emanisa.lk

මහකුඹුක්කඩවල – වල්පාළුව රක්ෂිතයට කිසිවකු විසින් ගෙනවිත් දමා තිබුණු නරක් වූ බිත්තර විශාල ප්‍රමාණයක් හමුවී තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව ඊයේ (11) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සහ පොලීසිය එම ස්ථානයට ගොස් තිබුණු අතර ඔවුන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ බිත්තර විශාල ප්‍රමාණයක් කුඩුවී ඒවායේ කටු එම රක්ෂිතයෙහි පාළු ස්ථානයක විසිර තිබෙන ආකාරයයි.

කවුරුන් හෝ විසින් පසුගිය සමයේ සඟවාගෙන සිටි බිත්තර ලක්ෂයක් පමණ නරක් වූ පසු මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි නිලධාරීන් සැක පහළ කරන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *