උද්ඝෝෂණවලට වට කොට අශූචි වතුර ගැසීම වැරදියි..! සරුවාංගෙම කහද්දි දුවන්න පැත්තක්වත් නෑ…! නිසි ප්‍රමිතියෙන් පහර නොදෙන බවට ජවිපෙන් චෝදනා…

March 9, 2023 at 4:24 pm | by emanisa.lk

සිය විරෝධතා සඳහා එල්ල කරන ජල හා කඳුලු ගෑස්වල කිසිදු ප්‍රමිතියක් නැති බවට ජාතික ජන බලවේගයේ නීතීඥ සුනිල් වටගල චෝදනා කරයි.

පසුගිය දිනවල විරෝධතා සඳහා එල්ල කළ ජල හා කඳුලු ගෑස් ප්‍රහාරවලින් දෙදෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු සංකූලතා සහිතව රෝහල්ගත කර ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

මෙයට හේතුව විරෝධතාකරුවන් වට කොට කල් ඉකුත් වූ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීම බව ද දහදිය දැමූ විට ජලය වදින විට සිසිලක් දැනිය යුතු වුව ද සරුවාංගය ම කසන බවත් ඔහු කීය.

විරෝධතාකරුවන් වට කොට පහර දීම ජාත්‍යන්තර නීතියට අනුව වරදක් බවත් ඉදිරියේදී මේ පිළිබඳ ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවත් සුනිල් වටගල අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *