යුද්දේ නැවැත් වූ පසු රට දියුණු වන්නේ යැයි දියත් කළ ප්‍රචාරණය මෙන් ම හොරකම නතර කළ විට රට දියුණු වන්නේ යැයි ජනකාත්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කොට ඇතැයි 43 වන සේනාංකාධිපති පාඨලී චම්පික රණවක පවසයි.
හොරු අල්ලා රට දියුණු කරන බවට විපක්ෂය දියත් කරන බොරුවට නොරැවටෙන ලෙසත් හොරු අල්ලා 60 වසරක් ගත වුවද කියුබාව තවමත් දිගු පෝලිම් සහිත දුප්පත් රටක් බවත් ඔහු පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහගෙන් තමන් අතට බලය ලබා ගත් පසු රට දියුණු වෙතැයි කියන විපක්ෂයේ නායකයින් ඉතාම සංකීර්ණ ගැටලු සඳහා සරල විසඳුම් ලබා දෙන ජනකාන්තවාදී දේශපාලනයට ඇද වැටී ඇති බවට ද පාඨලී රණවක චෝදනා කරයි.
එක් අයෙකු ගැඹුරු චතුර ඉංගිරිසියෙන් ජාත්‍යන්තරය අමතා විදේශ සංචිත ගෙන එන බව කියන අතර තවත් අයෙකු මැති ඇමැති වරප්‍රසාද කපා විදෙස්ගත ශ්‍රමිකයින් දිනා ගෙන වැඩිපුර ඩොලර් ගෙන්වා රට දියුණු කරන බව කියන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව කීය.