ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බව ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසයි.
එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් හෙතෙම සඳහන් කරයි.
රුපියල ශක්තිමත් වී ඇතැයි ප්රකාශ කිරීම පමණක් ප්රමාණවත් නොවන බව කී ලියනාරච්චි මහතා එය ප්රායෝගිකව පෙන්විය යුතු බවද සඳහන් කළේය.