ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අද (07) දින ඩොලරයක ගැනුම් මිල රුපියල් 315ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335ක් ලෙස ය.
පසුගිය දින කිහිපය ඇතුළත රුපියල වේගයෙන් ශක්තිමත් වූ අතර මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ රුපියල අධික වේගයෙන් ශක්තිමත් වීම ද ආර්ථිකයට අහිතකර නිසා එය පාලනය කොට ඇති බවය.