1947 සිට 1977 දක්වා බලය හුවමාරු වූයේ බෝතලේ වළව්ව සහ හොරගොල්ලේ වළව්ව අතර බව ජනප්‍රිය නළු රොජර් සෙනෙවිරත්න පවසයි.
එතෙක් වළව්වල පැවැති බලය 77 වතුවල ලුම්පන් පැලැන්තිය අතට පත් වූ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
ඒ සේදවත්තේ ජයවර්ධන පවුලට සහ කෙසෙල්වත්තේ ප්‍රේමදාස පවුලට බව ද එය රටේ දේශපාලන සංස්කෘතිය කනපිට හැරුණු අවස්ථාව බව ද රොජර් සෙනෙවිරත්න පෙන්වා දෙයි.
එය රටේ දේශපාලන බලය වළව්වල පැවැති කාලයේ එහි කිසියම් ශිෂ්ටත්වයක් වැදගත්කමක් පැවැති බවත් දේශපාලනයේ ත්‍රාඩයින් මාල හොරුන් නොසිටි බවත් ඔහු පෙන්වා දෙයි.
රටේ දේශපාලන බලය පාදයින් අතර ගියේ 77 බව පවසන රොජර් සෙනෙවිරත්න, එජාප ලුම්පන් පැලැන්තිය අද සජබයේ ද ශ්‍රීලනිප ලුම්පන් පැලැන්තිය පොහොට්ටුවේ ද සිටින බව සඳහන් කරයි.