මාර්ග දෙපස දැල්වෙන වීදි ලාම්පු සඳහා බිල්පත් ගෙවීම් තව දුරටත් තමන්ට සිදුකළ නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස්. විරකෝන් පවසයි.
ඉදිරියේ දී එම බිල්පත් ගෙවීම අදාල නගර සභාවලට හා ප්‍රාදේශීය සභාවලට පැවරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මේ වන විට අදාළ විදුලි බිල්පත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගෙවනු ලබන අතර මාර්ග නඩත්තු කටයුතු ද මේ දිනවල ඉතා අපහසු තත්ත්වයෙන් සිදු කරන බැවින් මෙම තීරණය ගන්නා බවයි, අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.