තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා තරුණියන් මියන්මාරයට රැගෙන ගොස් චීන සමාගම්වලට ඩොලර් 5000 බැගින් විකුණා දැමීමේ ජාවාරමක් හෙළිදරව් වී තිබේ.
අම්බලන්තොට ප්රදේශයේ එක ම පවුලේ තරුණියන් ඇතුළු 21 දෙනෙකු මෙම ජාවාරමට හසු වී නැවත සිය නිවෙස්වලින් ගුවන් ටිකට්පත් සඳහා මුදල් ගෙවා ඊයේ නැවත ලංකාවට ගෙන්වා ගෙන තිබේ.
මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ ජාතික ජන බලවේගයේ අම්බලන්තොට ප්රාදේශීය සභා අපේක්ෂක අනුර සේනාරත්නගේ කාර්යාලයේ සිට ඔහුගේ ආධාරකරුවෙකු වන රුවන්පතිරණ නැමැත්තෙකි.
අදාළ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ප්රධාන සැකකරු අනුර සේනාරත්න අතුරුදන්ව තිබේ.