ඡන්දේ පවත්වන්න ඕන මන්ත්‍රී සංඛ්‍යාව 4000ට බස්සලා…! – අසාද් සාලී…

February 19, 2023 at 7:59 am | by emanisa.lk

2015 පළාත් පාලන මන්ත්‍රීවරුන් 4000 සිට 8000 දක්වා ඉහළ නංවමින් හඳුන්වා දුන් සංශෝධනය අන්ත දූෂිත බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

මේ නිසා කොළඹ මහ නගර සභාවේ සභිකයින් ගණන 53 සිට 120 දක්වා ඉහළ ගිය අතර එමගින් ජනතාවට අත් වූ යහපත කුමක් දැයි තමා ප්‍රශ්න කරන බවත් හෙතෙම සඳහන් කරයි.

මෙම දූෂිත ක්‍රමය වෙනස් කිරීම සඳහා මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පත් කළ සීමා නිර්ණන කොමිසම් වාර්තාව මාර්තු පැමිණි පසු මැතිවරණයකට යා හැකි බවයි, ඔහු සඳහන් කළේ.

විපක්ෂයක කාර්යභාරය ආණ්ඩුව කරන සියල්ලට ම විරුද්ධ වීම නොව යහපත් දේට එකඟ වීම බව ද අසාද් සාලී අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *