විදුලි සේවකයින්ගේ නාස්තිය දූෂණය ජනතාව මත නොපටවනු…! – දුමින්ද දිසානායක…

February 16, 2023 at 7:19 pm | by emanisa.lk

විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පැටවීම වෙනුවට, එහි විගණනයක් සිදුකර දූෂණය හා නාස්තිය නවැත්වීමට පියවර ගත යුතු යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

මේ අවස්ථාවේ ජනතාවට පමණක් පටි තද කර ගැනීමට නොකියා රාජ්‍ය නිලධාරීන්ද දූෂණය, නාස්තිය නවත්වා පටි තද කරගත යුතු බව කී මන්ත්‍රීවරයා තමන් ආණ්ඩුවට සහය දුන්නත් ආණ්ඩුවේ සෑම ක්‍රියාමාර්ගයක්ම අනුමත නොකරන බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 27,000ක් සිටියදීත්, එහි බොහෝ කටයුතු සිදුවන්නේ බාහිර පාර්ශ්ව යොදවාගෙන බවත්, මණ්ඩලයේ වාහන තිබිය දී පිටින් වාහන පවා ලබාගෙන ඇති බවත් කී දුමින්ද දිසානායක, විගණනයක් කළහොත් එහි සිදුවන නාස්තිය බලාගැනීමට හැකිවනු ඇතැයි ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *