අපේ ගෙදර බල්ලා හොරකම් කළ හාදයත් සජබෙන් ඡන්දෙන් ඉල්ලනවා..! – නාමල්…

February 14, 2023 at 11:12 am | by emanisa.lk

පසුගිය මැයි 09 වෙනිදා සිදු කළ ප්‍රචණ්ඩක්‍රියාවලට ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය සම්බන්ධයක් නොමැති බව කිව නොහැකි යැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ පිරිස් වෙත ජාජබ සහ සජබ පක්ෂ යටතේ මැතිවරණ අපේක්ෂකත්වය ලැබීමෙන් එය තහවුරු වන බවයි, ඔහු අවධාරණය කළේ.

සිය නිවසේ හුරතල් බල්ලා සොරකම් කළ පුද්ගලයා ද මෙවර වීරකැටිය ප්‍රාදේශීය සභාවට තරඟ කරන බව නාමල් රාජපක්ෂ අනාවරණය කළේය. ස්ත්‍රී දූෂණය, ළමා අපචාරය පමණක් නොව මිනිස් ජාවාරමට සම්බන්ධ අය ද එම පක්ෂ යටතේ තරඟ වදින බව පසුගිය සමයේ හෙළි වූ බවත් හිටපු ඇමැතිරයා කීය.

විදෙස් රටවල රාජපක්ෂලා සඟවා ඇති මුදල් ගෙනැවිත් රට සංවර්ධනය කරන බවට ගෙන යන ප්‍රචාරයට නොරැවටෙන ලෙසත් රාජපක්ෂලා කිසිදු මුදලක් විදෙස් රටක සඟවා නොමැති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *