මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයින් ඉවතට…! නව සාමාජිකයින් පත් කරන්න සූදානම්..!

February 13, 2023 at 10:40 am | by emanisa.lk

මැතිවරණ කොමිසන් සභාවට නව සාමාජිකයන් පිරිසක් ඉදිරි දිනවල දී පත්කිරීමට නියමිතව ඇති බව වාර්ථා වෙයි.

මැතිවරණ කොමිසන් සභාව ඇතුළු ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ හදිසි රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීමට අයදුම්පත් දැනටමත් කැඳවා ඇති අතර එහි අයදුම් පත් භාර ගැනීම මෙම 15 වැනිදා අවසන් වේ.

මෙම සෑම කොමිසන් සභාවකට ම නව සාමාජිකයන් පත් කිරීමට ව්‍යවස්ථා සභාව බලාපොරොත්තු වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *