සිංහල ජාතිය පැවැත එන්නේ දෙමළ ජාතියෙන් බව සී.වී. විග්නේශ්වරන් පවසයි.
මෑතක සිදුකළ DNA පරීක්ෂණයක් මගින් එය තහවුරු වූ බවයි, විග්නේශ්වරන් ප්රකාශ කළේ.
තමන්ගේ ලොකු පුතාගෙන් ඒ පිළිබඳ විස්තර දැනගත හැකි බව ද ඔහු කීය.
දෙමළ ජනතාවට අයිතිවාසිකම් නොදී සියලු බලතල සිංහල ජනතාව ගැනීම නිසා අද දෙමළ ජනතාවට ගැටලුවක් නිර්මාණය වී ඇති බව ද විග්නේශ්වරන් සඳහන් කළේය.
ෆෙඩරල් යනු රට බෙදීමක් නොවන බව ද ඔහු අවධාරණය කළේය.